top of page
Search

බුදු දහමේ සදහන් ත්‍රිත්වය කෙටියෙන් මෙලෙස විග්‍රහ කල හැකිය.

  • Writer: Dam Sayura
    Dam Sayura
  • Jul 4, 2022
  • 3 min read

බුදු දහමේ ත්‍රිත්වය දැක්වෙන පදරුත් රාශියක් ඇත. ඒවා සමහර බොදුනුවන් දන්නා අතර බොහෝ බෞද්ධයන් නොදන්නවා විය හැකිය. නොදන්න අයගේ දැන ගැනීම පිණිසත්, දන්නා අයගේ දැනීම වැඩිදියුණුව පිණිසත් මෙම උතුම් ත්‍රිත්වයන් මෙහිලා දක්වමි.


ත්‍රිවිධරත්නය යනු


01.බුද්ධ රත්නය,

02.ධම්ම රත්නය,

03.සංඝ රත්නයයි.

තිසරණ යනු මේ උතුම් ත්‍රිවිධ රත්නය සරණ යෑමය.


01.අනිත්‍යය

02.දුක්ඛය

03.අනාත්මය

හැඳින්වීමට ත්‍රිලක්ෂණය නාමය යොදා ගනී.


බුදු රජා ණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් අනිත්‍ය පහදා දුන් අයුරු මෙ ලෙ සය.


“සබ්බේ සං ඛා රා භික්ඛවේ අනිච්චා” යනුවෙනි “යදනිච්චං තං දුක්ඛං” යමක් අනිත්‍යය නම් එය දුකකි.



තුන් සිත යනු

01.පූර්ව චේතනා

02.මුඤ්චන චේතනා

03.අපර චේතනා

යනු සිතේ හටගන්න නිවී සැනහී ගිය චේතනා ත්‍රිත්වයයි.


*දානයක් දීමට ප්‍රථමයෙන් සිතේ ඇති වන චේතනා, පූර්ව චේතනා නම් වේ.

*එම දානය පිරිනමන අවස්ථා වේ ඇතිවන පවිත්‍ර වූ සිතුවිලි මුඤ්චන චේතනා වේ.

*සිත පහදා දුන් දෙය සිහිපත් කර ජීවත් වන තුරුම උපදනා මිහිරි සන්සුන් සිතුවිල්ල අපර චේතන වේ.


තුන් ලෝකය යනු බුදු දහමේ ඉගැන්වෙන ලෝක ත්‍රිත්වයයි.

01.කාම ලෝකය,

02.අරූප ලෝකය,

03.රූප ලෝකය

මේ ලෝක ත්‍රිත්වයයි.


අප ජීවත්වන මේ ලෝකය පංච කාමයෙන්

පිරුණා වූ බැ වින් ඊට කාම ලෝකය ලෙ ස හඳුන්වා ඇත.


තුන් වැදෑරුම් තෘෂ්ණාව යනු

01.කාම තෘෂ්ණාව

02.භව තෘෂ්ණාව

03.විභව තණ්හාවයි.


තිදොර ලෙස අප විසින් කරන, කියන, සිතන අකුසල් රාශියකි.

01.කයින්

02වචනයෙන්

03.සිතින් කරන අකුසල් ප්‍රධාන වශයෙන් තුන් ආකාරය.

*කයින් කරන අකුසල් - සතුන් මැරීම,

සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම ආදිය වේ .

*වචනයෙ න් කරන අකුසල් - බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදියයි.

*සිතින් කරන අකුසල් - දැඩි ලෝභය, වැරදි දැකීම, වෛර කිරීම යන ආදියයි.


සමථ භාවනාව වඩන ක්‍රමය අනුව එය තුන් වැදෑරුම් වේ .

01.පරිකර්ම භාවනා

02.උපචාර භාවනා

03.අර්පණ භාවනා

යනු මේ ත්‍රිවිධ භාවනා යි.


අනුපස්සනා යනු නැවත නැවත මෙනෙහි කිරීම වේ .

01.දුක්ඛානු පස්සනා

02.අනත්තානු පස්සනා

03.අනිච්චානු පස්සනා

යන ත්‍රිවිධ අනුපස්සනා වයි.


පිරිත් සජ්ඣායනා කරන විට පිරිතේ ආරම්භය සිදුකරන්නේ මහ පිරිතෙන්ය. මහ පිරිතට

අයත් වන තුන් සූත්‍රය වන්නේ

01.මහා මංගල සූත්‍රය

02.රතන සූත්‍රය

03.කරණීය මෙත්ත සූත්‍රයයි.

එය තුන් සූත්‍රය න‍මින් හ‍ඳුන්ව‍යි.


ත්‍රිපිටකය බුදු දහමේ ශ්‍රේෂ්ඨතම පුස්තකය වන්නේ ය. ත්‍රිපිටකය ලෙස කොටස් තුන හැඳින්වෙන්නේ

01සූත්‍ර පිටකය.

02.විනය පිටකය

03.අභිධර්ම පිටකය යි.

සියලුම දහම් කරුණු ත්‍රිපිටකය අන්තර්ගතය.


බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් තුනක් ගෙවුණු පසුවය. ප්‍රතිමා කලාවේ කොටස් තුනකින් බුද්ධ ප්‍රතිමා දැක්වේ .

සතර ඉරියව්වන්, තුන් ඉරියව්වන් විදහා දැක්වෙන ප්‍රතිමා ත්‍රිත්වය වන්නේ

01.හිඳි පිළිම,

02.හිටි පිළිම

03. සැතපෙන පිළිමයි.

ලොව සතර දෙසම නිර්මා ණය වී ඇති පිළිම මෙම තුන් විධි පිළිම වේ .


ලංකා වේ තුන් නිකාය යනු

01.සියම් නිකාය

02.අමරපුර නිකාය

03.රාමඤ්ඤ නිකා යයි.

ක්‍රි. ව. 1700 වන විට රට තුළ අභ්‍ය න්තර අවුල් වියවුල් ඇති වූ බැ වින් බුදු සසුන් උන්නතිය

වෙනුවෙන් පාලකයන් දැක් වූ දුර්වල බව නිසා ශාසනය පිරිහීමට පත් විය. කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය පාලන සමයේ සියම හෙවත් තායිලන්තයට භික්ෂූන් සමග ගිහි දූත පිරිස් පැමිණ කළ ආරාධනාව පරිදි 1753 වසරේ දී උපාලි නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කර උපසම්පදා විනය කර්මය එදා සිදු කිරීමෙන් ලංකාවේ සියම් නිකාය ආරම්භ විය.

ඉන් අනතුරුව වසර කීපයකට පසුව මියන්මාර් හෙවත් බුරුමයට සංඝරත්නය වැඩම කර පවත්වනු ලැබූ උපසම්පදා වෙන් අමරපුර නිකාය ආරම්භ විය.


ඉනුත් වසර ගණනාවකට පසු ඉන්දියාවටත්, බුරුම දේශයටත් අතර පිහිටි රාමඤ්ඤ දේශයෙන් භික්ෂූන් වහන්සේ ලා වඩම්මා උපසම්පදා විනය කර්ම සිදුකර ඇති කරගත් තුන් වැනි නිකාය රාමඤ්ඤ නිකාය නම් වේ .

මේ නිකාය තුනම ථෙරවා දිය, සමඟි සම්මත යථාර්වා දීය.


තුන් බෑ ජටිලයෝ යනු බුදුරජාණන් වහන්සේ ජීවමාන කල උරුවෙල සිටි

01.උරුවෙල් කස්සප

02ගයා කස්සප

03.නදී කස්සප

යන සෝයුරන් ය. ඔවුන්ද 600 පිරිවරද සසුනේ පැවිදි කර විමුක්තිය ලබා දුන් සේක.


තුන්කල්

01අතීත කාලය

02.වර්තමාන කාලය

03.අනාගත කාලයයි.

සම්මා සම්බුදු මා හිමි තුන්කල් දක්නා නුවණින් ලෝ වැසියන්හට මහා ක‍රුණාව දැක්වූ සේක.


තෙමඟුල හෙවත් ත්‍රෛ මංගල්‍යය යනු

01.සිදුහත් කුමරු ලෙස ඉපදීම

02.සිදුහත් තවුසා බුදුවීම

03.බුදුරජා ණන් වහන්සේ පරිනිර්වා ණය වීම යන තෙ මඟුලයි.


ත්‍රිශික්ෂාව

01.ශීල

02.සමාධි

03. ප්‍රඥා

යන ත්‍රිශික්ෂාව ආර්ය අෂ්ඨාංගයට ඇතුළත්ව ඇත.


ශීලය - සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා අජීව


සමාධිය - සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි


ප්‍රඥා - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යනුවෙන් බෙදා ඇත.


මෙසේ විමසා බලන විට බුදු දහමෙ හි දැක්වෙන ත්‍රිත්වයන් අපගේ පරම සුව මෙන්ම ප්‍රඥා ව මෙහෙයවා කටයුතු කිරීමට උදව් කරන මෙන්ම අපගේ ජීවිත සුගතිගාමී වීමට ඇවැසි සත්‍ය වූ ධර්මතාවයන්ය.








Comments


©2022 by Dam Sayura. Proudly created with Wix.com

  • Facebook
bottom of page