පොසොන් උත්සවය
- Dam Sayura
- Jul 4, 2022
- 2 min read

මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයෙන් ආරම්භව දින කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි. මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත වීම පොසොන් උත්සවයේ දී සමරනු ලැබේ.
සමනාමයම් මහාරාජ – ධම්මරාජස්ස සාවකා තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉදාගථා යන ගාථාවෙන් තමන්වහන්සේ, ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවත්, ලක්දිව රජතුමා කෙරෙහි අනුකම්පාවෙන් ලක්දිවට සැපත් වූ බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක.
ක්‍රි.ව. 3 වන සියවසේ මැද භාගයේ පමණ ඉන්දියාවේ රජකළ අශෝක රජතුමා ශ්‍රද්ධාවත් බෞද්ධයෙක් විය. බුද්ධ ශාසනයේ දියුණුවට අතිමහත් සේවයක් කළ අතර තමන්ගේ රටේත් අසල්වැසි රටවලත් බුදු දහම පතුරුවා හැරීමට වෙහෙසුනේය. රටවල් 09 කට ධර්මදූත කණ්ඩායම් 09 ක් යැවීය.
ඉන් එක් රටක් අපේ ශ්‍රී ලංකාවයි. එකල ශ්‍රී ලංකාවේ රජ කළේ දේවානම්පියතිස්ස රජතුමායි. එතුමා අශෝක රජතුමාගේ නොදුටු මිත්‍රයෙක් විය. එනිසා අශෝක රජතුමා විශේෂ ධර්මදූත කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවූ අතර එතුමාගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ එම ධර්මදූත කණ්ඩායමේ නායකත්වය දැරූහ.
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත කණ්ඩායම මෙරටට වැඩම කළේ පොසොන් පොහෝ දිනකය. එදින ලක්දිව සැනකෙළි පැවැත් වූ දිනයක් විය.
දේවානම්පියතිස්ස රජතුමා රටවැසියන්ට සැනකෙළි පැවැත්වීමට නියම කොට පිරිවර සමඟ මුව දඩයම පිණිස මිස්සක පව්වට (මිහින්තලාව) ගමන් කළේය. දුනු හී රැගෙන මුවෙකු පසුපස එළවන රජුට මිස්සක පව්වේ අම්බස්තලය නැමති ස්ථානයේදී මිහිඳු මහරහතන් වහස්සේ මුණ ගැසුනහ.
එහිදී වූ කතා බහේදී රජතුමා මිහිඳු මහරහතන් වහස්සේ හැඳිනගත්හ. ඉන්පසු මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමා ඇතුළු 40000 ක් පමන පිරිසට චුල්ලහත්ථි පදෝපම සූට්‍රයෙන් දහම් දේශනා කළ අතර දහම් අසා පැහැදුන රජතුමා ඇතුළු සියලුමදෙනා බුදු දහම වැළඳගත්හ. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ අනුදැනුම ඇතිව ලක්දිව බුදු සසුන පිහිටවූහ. ඉන්පසු බුදු සසුන මෙරට දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු රජතුමා විසින් ඉටු කළේය.
පසුව සුමන සාමනේරයන් වහන්සේ අත අශෝක රජතුමාට පණිවුඩ යවා සර්වඥ ධාතූන්වහන්සේලා වැඩමකරවා ගත් අතර ඒවා නිධන් කොට දාගැබ් තෑනීමට අවශ්‍ය උපදෙස් දුන්හ.
ඉන්පසු ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් දෙකක් නොව එකක් ලෙස එදා සිට අද දක්වාම පැවත එන්නේය. උන්වහන්සේ රජතුමාට පැවසූ වැදගත්ම වැකි පෙළක් වන්නේ,
“මහරජ ……. ඔබ මෙහි අයිතිකරුවා නොව භාරකරුවා පමණි. ඔබට මෙන්ම මෙහි ජීවත් වන සතා සිවුපාවුන්ටද නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇති බව සලකන්න.”
මෙලෙස අද වැනි උතුම් පොසොන් පුරපසළොස්වක් පොහෝ දිනක ලංකාවට බුදු දහම ලැබුනු අතර ,එහි ප්‍රතිඵලයක් ලෙස මහින්දාගමනයෙන් පසු ලාංකික සිරිත් විරිත්වලට බුදු දහමේ ආභාශය ලැබුණි.
එනිසා අද වැනි උතුම් පොහෝ දිනක
සත්ත්ව හිංසනයෙන් වැලකීමට තීරණය කර ගනිමු..
සීල භාවනා ආදී පිං කටයුතු වල නිරත වෙමු.
අප රටෙහි පමණක් නොව ලොව පුරාම ව්‍යාත්තව පවතින භයානක කොරෝනා වෛරස් තත්වය මුලු ලෝකයෙන්ම තුරන් වී ගොස් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා......!!!
මෝහාන්දකාර දුරු වී රෝ බියෙන් තොර, සියලු සත්ත්වයෝ සුවපත් සුවපත් වන සත්ත්ව හිංසනය දුරැලෙන ධර්මාව ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, කුසල් වඩමින් සසර ගමන කෙටි කර ගැනීමට හැකි වන
පින්බර පොසොන් මංගල්‍යක් වේවා..!


Comments